
කොළඹ වැස්ස - Colomba Wassa
Wednesday, April 27, 2016
Tuesday, February 23, 2016
සන්තාන ගීතය
හිතක් මෙලෙසින් සැලෙන්නේ
නුඹව සිහිවන නිසාදෝ
දෙනෙත් මෙලෙසින් තැවනේනේ
දකින්නට ලඟ නැති නිසාදෝ
හදක් මෙලෙසින් හඬන්නේ
වදන් ගොලු වූ නිසාදෝ
දුකක් මෙලෙසින් දැනෙන්නේ
නුඹට මා පෙම් කළාදෝ
නුඹව සිහිවන නිසාදෝ
දෙනෙත් මෙලෙසින් තැවනේනේ
දකින්නට ලඟ නැති නිසාදෝ
හදක් මෙලෙසින් හඬන්නේ
වදන් ගොලු වූ නිසාදෝ
දුකක් මෙලෙසින් දැනෙන්නේ
නුඹට මා පෙම් කළාදෝ
Sunday, September 13, 2015
හදවත

කහ ඉර ලඟදි අහම්බෙන්
හමුවුනා මගෙ හදවත
කොහොමද උඹට
සෑහෙන කාලෙකින් නේද මචන්
මම නැතිව දුකක් දැනුනෙ නැද්ද
නෑ මට දුකක් දැනුනෙ නෑ
අඩුම තරමෙ මාව
මතක් උනේ නැද්ද උඹට
නෑ මට මතක් උනේ නෑ
ඇත්තමද ඔය කියන්නෙ
ඔවු ඇත්ත
මම යනව
උඹ නම් මහ හදවතක් නැති මනුස්සයෙක්
හා හොඳයි පරිස්සමින් ඉන්න
සමුදෙනු මැනවි සොඳුර
ශත වර්ශය ගෙවී අවසන්ය
ප්‍රේමයේ පාංසුකූලය නොදීම
නුඹ තවමත් හඬන්නේ මන්ද
අමතකද අතීතය දවසකදි
මිහිදන් කල සැටි අපදෙදෙන
මෙතෙකැයි කියා කියාගන්නට බැරි
කලාතුරකින් හමුවූ ප්‍රේමය
රිදුම් දෙද්දී මහපොලව
නුඹ හැරගියා නොවෙද
පරිත්‍යාගයක් බව දැන දැන ගහකොල
පවා වචනයක් නොකියූ
ගෞරවය රකිනු මැනවි සදා කල්හිම
ඉතින් සමුදෙනු මැනවි සොඳුර
දැන් නිදන්නට අහිංසක ප්‍රේමයට
සොඳුර නුඹ දන්නවාද
සොඳුර නුඹ දන්නවාද
පල්ලියේ කඩේලඟ
මල් වැලක් ගෙන ඇවිත්
නුඹේ හිසපළදින්න
මා පෙරුම් පිරූවග
හිනහුනා නුඹ එවිට
දෙමලදැයි ඇසුවාය
පල්ලියේ කඩේලඟ
මල් වැලක් ගෙන ඇවිත්
නුඹේ හිසපළදින්න
මා පෙරුම් පිරූවග
හිනහුනා නුඹ එවිට
දෙමලදැයි ඇසුවාය
සොඳුර නුඹ දන්නවාද
දකින්නට තහනම් කල
හීනයම මා දකින බව
දකින්නට තහනම් කල
හීනයම මා දකින බව
තවම මා ආදරේ බව
Thursday, September 10, 2015
එනව මං සත්තමයි අද රෑට
මං නුඹට ඇවසි බැව්
නොදනිමියි මා තවම
හිත රිදෙන හසුන් පත්
එක දිගට එවුවාට
කප්පරක් දුක් කඳුලු
දැනෙවා මේ හිතට
ලඟ ඉන්න සනසන්න
නෙත කඳුලු පිසලන්න
හිත දුවන් එනවා
සත්තමයි අද රෑට
අයිතයක් නැති බැවින්
ලෝකයෙන් සැඟවෙන්න
උත්තරත් හොයාගෙන
එනව මං
සත්තමයි අද රෑට
Wednesday, June 10, 2015
මොනාලිසා
නොවැටහුනා විය හැකිය එය
සිනහවද කඳුලද යන වග
ඩාවින්සිට එදවස නුඹගේ
නමුත් දනිමි අද නිසැකවම
නුඹ හඬන බව
සිනහවද කඳුලද යන වග
ඩාවින්සිට එදවස නුඹගේ
නමුත් දනිමි අද නිසැකවම
නුඹ හඬන බව
..............!
Subscribe to:
Posts (Atom)