ඉස්සර වීල් හැදුනෙ වැඩුනෙ වීල්ගෙ ගදෙර උනේ තාත්තගෙ මහ ගදෙර ඒ කියන්නෙ අත්තම්මගෙ ගෙදර
ඉතින් පොඩි කාලෙදි වීල්ව බලාගන්නෙ වීල් හැදුනෙ වැඩුනෙ ආත්තම්ම ලග
ඉස්සර අත්තම්මට එළවලු කොරටුවක් තිබුන ඉතින් හැමදාම වගේ අත්තම්ම වීල්ව ඔය එළවලු කොරටුවට එක්කගෙන යනව
හප්පේ බලන්න ලස්සන කොරටුවෙ තැන් තැන්වල විශාල පාත්ති හදල ඒ පාත්තිවල විශාල මැහි ගහල
කරවිල පතෝල වැටකොලු මයියොක්ක මෑ කරල් නැති ජාතියක් නෑ ලස්සනට මැසිවලින් පහලට බරවෙලා එල්ලෙනව
වීල් ඉතින් කොරටුවෙ පැලට වෙලා ඔවුව දිහා බලාන ඉන්නව පොල් අතු හෙවිලි කරල හදපු පැලේ හැම දෙයක්ම වාගෙ තිබුන
නිදියන්න ඇදක් වතුර පුරවපු මැටි කලයක් ලොකු ටින් එකක් හිල්කරල ඒකට කිතුල් කෝටුවක් හයි කොරල ඕක වහලෙ එල්ල තමා වතුර රත් කරල තේ වතුර හැදුවෙ
තේ බොන්න සුද්ද කරල හදපු පොල් කටු කීපයකුත් තිබුන ඔය පැලේ .ඉතින් වීල් ආස කොරනම වැඩේ තමා ඔය කොරටුවට වතුර ගහනව බලාන ඉන්න එක .
විශාල පාත්ති වටේටම කානු කපල එක තැනකින් වතුර දැම්මම අර කානුදිගේ මුලු කොරටුවටම වතුර ගමන් කරනව.
වීල්ගෙ බාප්පගෙ තිබුන ලින් එහෙම හිදින්න ගන්න මෝටරයක් .ඕකෙන් තමා බොහොම වෙලාවට කොරටුවට වතුර ගැහුවෙ
තව ලිදකුත් තිබුන උන ලීයක බාල්දියක් ගැට ගහල තමා ඔය ලිදෙන් වතුර අදින්නෙ.සමහර දවසට අත්තම්ම ඔය ලිදෙනුත් වතුර ඇද ඇද වතුර ගහනව කොරටුවට
ඈතින් දාපු වතුර කානු දිගේ ඇවිත වීල් ඉන්න පැල ගාවින් යනකන් හරිම හරිම ආසාවෙන් බලාන ඉන්නෙ.ඊට පස්සෙ ඒ වතුර එක්ක සෙල්ලම් කරනව
දවල්ට අත්අම්ම බත් උයන්න යනව. ගිහින් බත් උයාන එනකන් වීල් ඔය පැලට වෙලා තමා ඉන්නෙ.අත්තම්ම උයන කෑම හරි රසයි මයියොක්ක තම්බල තොන්ඩයි හොද්දක් හදල
සම්බෝලුකුත් එක්ක ඇද ඇරෙන්න දෙසාබාන්න පුලුවනි.සමහර දවසට කොරටුවෙන් කඩපු වැටකොලු.වීල්ගෙ ආසම කෑම තමා ඒ දවස්වල වැටකොලු කියන්නෙ.
ගමේම තියන ගොම එකතු කරන් ඇවිත් තමා අත්තම්ම ඔය කොරටුවට දාන්නෙ පෝර කොල එහෙමත් දානව.සත්තු එනවට ගහන්න බේත් වර්ග කියල එකක් ඒදවස්වල තිබුනෙ නෑ
කොහොම හරි කොරටුව හරි සාරෙට හැදිල තිබුන.අත්තම්මයි සීයයි එළවලු කඩාන ගිහින් පොල දවසට විකුනනව.තව ලගපාත කඩ වලටත් දානව.වීල්ලට ඒ දවස්වල සල්ලිය බාගෙ එහෙම නෑ.
අත්ම්මලෑ ගෙදර ලොකු බෙලි ගහක් තිබුන ඕකෙන් බෙලි හදල තමා වීල්ගෙ අම්ම කිරි පිටි වෙනුවට දීල තියෙන්නෙ. ඉතින් බෙලි බීල කිසි සද්දයක් නැතුව වීලුයි වීල්ගෙ අක්කයි හොදට නිදා ගන්නවලු
වීල් ගෙ අම්ම ඒ දවස්වල දුෂ්කර පලාතක ගුරු සේවයෙ යෙදිල උන්නෙ.වීල්ගෙ අම්මට අත්තම්ම හරිම ආදරෙයි
වීල්ට අසනීප උනාම අත්තම්ම තමා බේත් ගේන්න එක්කරගෙනයනව තාම මතකයි
ඒ දවස්වල ලයිට් එහෙම නෑ හුලු අතු එලියෙන් තමා ගමන් බිමන් එහෙම ගියේ
අත්තම්මලෑ ගෙදර ඉදන් ටවුමට කිලෝ මීටර් දෙකක් විතර තියනව
වාහනයක් දකින්නෙ බොහොම කලාතුරකින් එකම එක බෙහෙත් සාප්පුවයි ඒ කාලෙ
ටවුමටම තිබුනෙ.
පස්සෙ කාලෙ අත්තම්ම එලවලු කොරටුව කරන එක නතර කොරල දැම්ම
වීල් ගෙ ගම් ප්‍රදේශෙ ගඩොල් කර්මාන්තෙට හරි ප්‍රසිද්දයි.
ඔය ගඩොල් කරුමාන්තෙ නිසාම හැම තැනම වලවල් කපල දැන් නම් වගා කරන්න තැනක් හොයා ගන්න අමාරුයි.
පස්සෙ කාලෙදි වීල්ගෙ අම්මයි තාත්තයි ටවුමෙ ගෙයක් හදල එහෙ පදිංචියට ආව.එතකොට අත්තම්මත් එක්කන් ආව.
අත්තම්ම හරිම සංග්‍රහ ශ්‍රීලී කෙනෙක්.අත්තම්මගෙ සංග්‍රහ ශ්‍රීලී කම කොච්චරද කියනව නම් පාරෙ යන මිනිස්සුන්ටත්
අඩ ගහල බත් බෙදල දෙනව.වීල්ගෙ යාලුවො ඇවිත් මිදුලෙ බයික්කෙ නවත්තනකොට
අත්තම්ම උන් ඔක්කොටම කුස්සියට ගිහින් බත් බෙදල අහවරයි.
අපේ ගෙදරට ආපු කෙනෙක්ට අත්තම්ම ඉන්න දවස්වල නොකා නම් යන්න හම්බ වෙන් නෑ .
දවසක් ගෙම්බ ආව අපේ ගෙදර .ගෙම්බ කියන්නෙ වීල් ගෙ අතිජාත මිත්‍රයන් ගෙන් කෙනෙක්.ඌ ආවෙ උගෙ කොන්ඩෙ ටින්ට් කරගෙන .
අත්තම්ම මේක දැකල ලගට ගිහින් මුගෙ කොන්ඩෙ පිහදානව.ඈ බන් කොලුවො උඹ කොහෙද මේ ගඩොල් පොරන් අස්සෙ රින්ගුවෙ බලපන්
මේ හැම තැනම ගඩොල් කුඩුනෙ බන්. අත්තම්ම කොන්ඩෙ පිහදානව.අනේ නිකා ඉදින් අත්තම්මෙ ඒක තමා දැන් අලුත්ම ස්ටොයිල් එක.ගෙම්බ කිවුව.
ගෙදර ටීවී එකෙන් සිරසෙ ඉස්සර යන කතා සේරෝම අත්තම්ම බලනව.
අත්තම්ම ඇයි අර තුල්සි ගහ ගන්නෙ කියල අහනව ප්‍රවීන කතාව යද්දි
7.30 හේ කතාව බලල ඒකෙ මොකක් හරි ප්‍රශ්නයක් අහන්නෙ අත්තම්ම 9.30 හේ කතාව යද්දි.
අත්තම්මගෙ හිතේ ඒ හැම කතාවක්ම එක කතාවක් කියල.
අපිට හිනා ඉතින් අපිටත් ටැපලෙනවනෙ ඕව බලද්දි.
අත්තම්ම ඒ දවස්වල වන්දනා ගමනක් එහෙම අත අරින්නෑ.අත්තම්ම හිටෝපු කෙහෙල් කැනක් විකුනල අත්තම්ම වන්දනාවෙ යනව වීල්ට මතකයි.
අත්තම්ම වන්දනාවෙ ගිහින් එනකොට දොදොල් පට්ටයක්, මස්කට් බෑයක්, රුලං රෝලක්, අපට වරදිනෑ ඉතින්.
අත්තම්ම නැතිවෙලා දැන් අවුරුදු හයක් විතර.
අපිට ගොඩක් ආදරෙන් හිටිය අත්තම්මව තාමත් වීල්ට මතක් වෙනව.වීල් පලවෙනි පාරට කෙනෙක් නැතිවුනාම ඇඩුවෙ ඒ අත්තම්මගෙ මල ගේ දවසෙ.
වීල්ගෙ ජීවිතේදි දැකපු ගොඩක් සතුටින් හිටිය මිනිසුන්ගෙන් එකම කෙනා අත්තම්ම.අද මිනිස්සු තමන්ට ගොඩක් දේවල් තිබිලත් හරිම අසතුටින් ඉන්නෙ.
අත්තම්මට මොකුත් නැතුවත් එයා සතුටින් හිටිය .
අත්තම්ම කොහොමද හිනාවෙලා හිටියෙ කියල වීලුට හිතා ගන්න බෑ
සමහර දවස්වල එයා නැටුව අපිට පේන්න.
අත්තම්ම දුක් උනා නම් දුක් උනේ ඒ වීල් හන්ද විතරයි.
අත්තම්ම ගැන හිතේ තියන දේවල් අකුරු කරගන්න තරම් හැකියාවක් වීල්ට නෑ .ඒත් අත්තම්ම ගැන වීල් මේ ටික කියන්නම ඕනෙ.
අත්තම්මේ උඹට නිවන් සුව ලැබේවා...........!
නිවන් දකින තෙක් උඹ මගේම අත්තම්ම වේවා..........!

No comments:
Post a Comment