අපට නොදැනීම අපව විකිනෙනවද. අපි ජීවත් වෙනව කියල කියන්නෙ අපි අපිවම අනුන්ට විකුනන එකද
අපේ නිරුවත අනෙකාට පෙනෙයි කියල අපි හරි බයෙන් ඉන්නෙ.
ධනය බලය සමාජ තත්වය වගේ ඇදුම් වලින් අපි අපේ නිරුවත වහගන්න අපි කොච්චර ලොකු සටනක් කරනවද.
අපේ නිරුවත අනික දැක්කොත් අපි කොහොමද අපිව විකුන්නනෙ දෙයියනේ.
අපිට මේ ලෝකෙ හෙලුවෙන් ජීවත් වෙන්න ඉඩක් නැද්ද.
කෝ ඒ ලස්සන සුන්දර සමාජය.අපිව දාල අනෙක් උන් ඔක්කොම ගිහින් නේද .
පොඩ්ඩක් හිටපල්ල මටත් විකිනෙන විදියක් කියා දීපල්ල.
"මේ මල සහ නොමළ මිනිසුන් මිල කල මාකට් එකේ
මටත් විකිනෙන විදියක් කියා දෙන්න"
"මහ පුදුම දෙයක්නෙ වෙලා තියෙන්නෙ.හරි අමාරුයිනෙ අපි ඉන්නව කියන එක අනික් එකාට ඒත්තු ගන්නන්න.
මිනිහෙකුට කරන්න පුලුවන් ලොකුම අසාදාරනේ තමයි ඒ මිනිඑ ඉන්නව කියල පිලිගන්නෙ නැති එක.
අපි මේ හැම මගුලම කරන්නෙ අනික් එකාට මං ඉන්නව කියන එක දනවන්න නෙවෙයිද?
පෙම්වතා පෙම්වතිය ඉඹගන්නකොටත් බල්ල උගේ ස්වාමිය ලෙවකන කොටත්
ඒකෙන් කියන්නෙ මං ඉන්නව කියන එක" (බුද්දිකයා)
"දෙයිහාමුදුරුවනේ මම කවදාවත් කල්පනා කරල තිබ්බෙ නෑ මගෙ බඩුමුට්ටු ටික කවද හරි
මොකෙකුට හරි විකුණල දානව නම් ඒකෙ ගාන කීයද කියල.
මම කවදාවත් හිතුවෙ නෑ මගේ ජීවිතය විකුනන රංගනය අද මෙතන රඟපායි කියල.
අමතක කරන්න එපා අද අපි හැමෝම අපිව විකුනන නාට්්යක අපේම චරිත රඟපාන්න දාල තියෙන නලුවන් පමණයි කියල " (බුද්දිකයා)
"ජීවිතයම වෙළද පොලකි.අපි ඒ වෙළදපොලේ බඩු ගන්නෝ සහ විකුන්නෝ පමණයි" (බුද්දිකයා)
"අඩුම ගානෙ මිනිහෙක් අනික් එකා එක්ක හිනා වෙන්න බයයි
මෙතන ඉන්න ගොඩක් අයට කාගෙවත් උදවුවක් නැතිව
ජීවත් වෙන්න පුලුවන් තත්වයක් තියනවා.
මං ඒ කාත් එක්කවත් හිනාවෙනවට මිනිස්සු හරි බයයි
මොක්ක හරි උදවුවක් ඉල්ලයි කියල.
හැම එකාම අනිකව තියාගෙන ඉන්නෙ අතේ දුරින්"
"ඔයාගෙ කලිසම කීයද ඇහුවොත් කාරෙක කීයද ඇහුවොත්
කොන්ඩෙ කපන්න කීයක් ගියාද ඇහුවොත්
බොරුවට ලොකු ගන්න කියනවා
මිනිහෙකුගෙ ඩිග්නිටිය කියන්නෙ ඒකද" (බුද්දිකයා)
"මේ වගේ වෙනස්කම් කරන සමාජෙක අපි පන බේර ගන්නෙ ඇදුම් ඇතුලට ගිහිල්ල
ඒ නිසා තමයි මෙතන ඉන්න හුඟක් දෙනෙක් ගෙදරට අදින සාමාන්‍ය ඇදුම නැතුව
ඊට වැඩිය මිලෙන් වටිනා ඇදුමක් ඇදගෙන ඇවිල්ල ඇවිල්ල තියෙන්නෙ". (බුද්දිකයා)
"අනික් වැදගත්ම කාරනය තමයි මොන පැත්තෙ එකෙක්ද කියල හොයාගන්න බැරි වෙන්න
ඉන්න පුලුවන් නම් තවත් ලාබ හොයා ගන්න පුලුවන්" (බුද්දිකයා)
"මෙන්න මේ වගේ කිසි තේරුමක් නැති ලටපට ගොඩක් සමග මං මගේ ජීවිතේ හරි මැද අනාතයි" (බුද්දිකයා)
No comments:
Post a Comment