මේ කියන්න යන්නෙ වීල් කොලුවගෙ එක දහස් නවසිය බර ගනන්වල කතාවක් ඒ කාලෙ කියන්නෙ ඒ කාලෙ කතාවක්.ඒ කාලෙ වීල් කොලුවට සංගීත පිස්සුව තිබුනනෙ.සංගීත පිස්සුව කියන්නෙ ඔය බෑන්ඩ් පිස්සුව වගේ එවුව.වෙලාවකට හිතෙනව වීල් කොලුවට ගොඩක් දේවල් අහිමි උනෙත් ඔය සංගීත පිස්සුව හින්දද කියල.මොනව කොරන්නද.මන් කතාව කියල දාන්නම්කො ඉතින්.ඒ කාලෙ වීල් කොලුවට බෑන්ඩ් පිස්සුව තදේටම තිබ්බ කොටින්ම කිවුවොත් බෑන්ඩ් උන.ඒ කාලෙ ඉතිං ගොඩක් වැඩ තියෙන්නෙමේ වීල් කොලුවගෙ බෑන්ඩ් එකට තමයි.
(ඇයි ඉතිං හැම එකක්ම ගැහුවෙ නිකංනෙ).
අපේ ගමේ හේමන්ත අයිය තමා ඉතින් ඉතින් අපිට වැඩ පංගාත්තු කොරේ.හේමන්ත අයිය දවසක් ඇවිත් වෙඩිමක් බාර දුන්න මලිලි හෙට වැඩක් තියනව එළට දෙන්න ඕනෙ අර අහවල් ගායකයත් එනව හරි.උඹල වැඩේ නියමෙට දෙන හින්ද තමා උඹලටම දෙන්නෙ හරි. හරි හරි අයියෙ නියමෙට දෙන්නං වැඩේ කිසි දේක කහටක් තියාගන්න එපා අයිය මංතුමාත් වැඩේ බාර ගත්ත ඉතිං. දැංතමා කෙලිය අර අහවල් ගායකයගෙ සින්දු එකක් වත් බලල නෑ ඉතිං.මොවය කොරන්නද ඉතිං .වීල් කොල්ල ඉතිං නොවදිනා වැදුම් වැදල වීල් කොලුවගෙ බෑන්ඩ් සෙට් එකත් ගෙන්නගෙන ඔන්න දැන් ප්‍රැක්ටිස්.කොහොමින් කොහොම හරි දැන් රෑ දෙගොඩ හරි ජාමෙත්උනා.වීල් කොලුවගෙ අම්ම ඉතිං නැගිටගෙන බැන බැන රෑ දෙගොඩ හරි ජාමෙ තේ පැන් ටිකක් එහෙම වත්කොරල දුන්න. දැන් තමා උච්චතම හරිය රෑ 2 ට විතර ඇති.දැන් සද්දෙටම ප්‍රැක්ටිස් කස්ටිය.අපේ සිංදු කියන එකා දැන් සිංදුවක් කියනව පෝම් වෙලා.
බිගු බමා බමා...........පෙති තලා තලා ....... පැනයාවී....... කියද්දිම අවුරුදු 55- 60 විතර පොරක් කඩුවකුත් අරන් පැන්නනෙ එතෙන්ට සිදත් සගරා හෝඩියත් කියගෙන.
අම්මට උඩු මේ මොන හෙනයක්ද පාත් උනේ බත් මුට්ටියට.කට්ටියම පැනල පොරව බදා ගත්ත.පොර බීල හොදටම දැන් ජීවිතේට අහල නැති සින්හල කියෝනව.
අපේ ඩ්‍රම් ගහන එකා ඉදිරියට පැන්න උඹ කවුද යකෝ අපිට පාට් දාන්නෙ කියාගෙන.මල පැන්න බුවා අපේ සෙට් එකම අහකට තල්ලු කරල ඩ්රමාව උස්සල අරන්
ගැහුව පොලවෙ.ඌ සයිලන්ට්.කී බෝඩ් ගහපු එකා නැගිටල දුන්න පාරට පොර වැටුන හතර ගාතෙන්.දැන ගමේ එවුනුත් ඇවිත් තව එකා දෙන්න එනව නිදි මාරගාතේ .
ඊට පස්සෙ ගමේ එවුන් මැදිහත් වෙලා පොරව ෂේප් කරගෙන එක්කන් ගියා.වීල් කොලුවට ගෙදරිනුත් බැනුම් කෝටියයි. අන්තිමේදි ප්රැක්ටිස්කෙරිල්ල නතර කොරල දාන්න උනා.
දැන් කස්ටිය මූඩ් ගහල කල්පණා කරනව මොකෝ මේ උනේ කියල.ඩ්‍රමා කටහඩ අවදි කලා මචං අපි ගිහින් ඌට ආපහු නෙලල එමු.ඩ්‍රමා ගේමම ඉල්ලනව ඒ පාර.
ඔන්න එතකොට කවුද ගෑනුකෙනෙක් ඇවිත් අනේ මල්ලිල සමා වෙන්න මේ වෙච්ච දේට .අපේ මනුස්සය දැන මාස ගානක් ත්‍රිකුනා මලේ කොන්ත්‍රාත්තුවක වැඩ
මාස ගානකින් ඕන් ගෙදර ඇවිත් දවස් ගානකින් නින්දක් නෑ කියල කට ගොන්නක් බීල නිදාගෙන හිටියෙ.හිටපු ගමන් කඩුවත් උස්සගෙන දිවුවනෙ මේ මනුස්සය.
ඊට පස්සෙ අපිට නුවන එන්න පටන් ගත්ත ටික ටික.අපි සද්දෙට ප්‍රැක්ටිස් කරපු හන්ද අර මනුස්සයට නිදා ගන්න නැති හන්ද මල පැනල තමා කඩුවත් අරන් ඇවිත් තියෙන්නෙ.
ඊට පස්සෙ අපිත් සමාව ඉල්ලුව.ඔන්න ඔය විදිහට තමා ඉතින් බෑන්ඩ් කෙරුවාව නිසා වීල් කොලුවගෙ ජීවිතේ යංතං බේර ගත්තෙ ඇයි දෙයියනේ මූ කඩුව අරන් කාට හරි කෙටුවනන් එහෙම.
ඔය වගේ කතා ගොඩාක් තියනව ඔය වීල් කොලුවගෙ බෑන්ඩ් කෙරුවාව නිසා සිද්ද වෙච්ච ඉතුරුව පස්සෙ ටික ටික කියනනම් හොදේ.
කොමන්ටුවක් දාල වැරදි පෙන්වාදීල යන්ට හොදේ
ReplyDelete