Thursday, December 25, 2014

ජීවිතය...








සුන්දරයි කියා අම්ම දුන්
සුලග වගේ ජීවත් වෙන්න ආස කරපු
කවියක් වගේ පද ගලපා ගත්තු
SMS එකක සටහන් කර නුඹට එවූ
උඩින් පල්ලෙන් කියවා නුඹ  Delete  කරන ලද
අනාදරය ලඟ දන වැටුනු ආදරය ලඟ දන නොවැටුනු
අරමුනු කුඩුපට්ටම්ව ගියද කෑලි අහුලන
තප්පරෙන් තප්පරේ ඇද වැටුනු

හුස්ම ඉල්ලා ඉකි ගසන
මැරුන පසුත් පන ගැහෙන
මගේ නොවන මගේම
තුහ් නොදකින්

සුභ නත්තලක්







අද නත්තල් දවස හොදටෝම වහිනව.වීල් බෝඩිමට වෙලා හිටියෙ ගෙදර ගියෙ නෑ.
හෙට ආයිත් රැකියාව කරා පිටත් වෙන්නත් එපායැ.බත් ඇන්ටි වැස්සෙම බත් විකුනනව.
මම රු 60 ක් දීල බත් එකක් අරන් කෑව.වීල්ට මතක විදියට බත් ඇන්ටි ඉස්සෙල්ලම හන්දියෙ
කඩයක් දාගෙන හිටියෙ.කවදාවත් දවල්ට උයාපු කෑම රෑට එයා විකුනුවෙ නෑ.
අනිත් කඩවල එකම රෝල්ස් එක වතුරෙ දාල බැදල දුන්නෙ.එකම එලවලු රොටිය හවසටත් රත් කරල දුන්නෙ.
දවල් බත් ඉතුරු නම් ඒකම තමා රෑටත් දෙන්නෙ.
රෑට අලුත් කෑමක් කන්න ‍ඕනෙ නම් කොත්තු පාරක් නැත්නමු රයිස් එකක් වගේ තමා කන්න ඕනෙ.
බත් ඇන්ටි එහෙම කලේ නෑ. වීල්ට තේරුනා ඔය විදිහට නම් කඩේ කරන්න වැඩිකාලයක් බැරි වේවි කියල.
බත් ඇන්ටිගෙ මහත්තය නෑ. මන් අහන්න ගියෙත් නෑ.ලමයි එක්ක එක්ක තනියම ඉන්නෙ ගෙයක් කුලියට අරන්.
ටික කාලයක් කඩේ කරල පස්සෙ ඇන්ටි කඩේ වහල දැම්ම.ඇහුවාම කිවුවෙ කුලිය ගෙවාගෙන කඩේ කරන්න අමාරුයි කියල.
දැන් බයිසිකලේ කෑම වර්ග තියාගෙන ගිහින් විකුනනව.දවසක් මන් දැක්ක මිනෙහෙක්ට තියා වාහනේකටවත් 
යන්න බැරි මහ වැස්සෙ පොලිතින් උරේකුත් ‍ඔලුවට දාගෙන බත් ඇන්ටි බයිසිකලේ පාගනව.මට පුදුම හිතුන.
ඒක කොච්චර දරාගැනීමක්ද.ඒවගේ දහිරිය වන්ත කාන්තාවක් මෑතකදි වීල්ගෙ මතකෙට එන්නෙ නෑ.
වෙලාවකට හිතෙනව මන් මේ කිසිම වැඩකට නැති දේවල් කියවනව කියල.
මන් දන්නෑ.වීල්ට තේරෙන විදියට මිනිසුන්ගෙ සංවේදී කම ටිකටික නැතිවෙලා ගිහින්
ආත්මාර්තකාමීත්වය හැම තැනම.නගෙරෙ ලමයින්ට ලමා කාලයක් නැහැ දැන්.
උදේ වෑන් එකේ ස්කෝලෙ ගිහින් හවස වෑන් එකේ ගෙදර එනව.ආපුවෙලා ඉදල තරහින් ඉන්නේ ඒ ලමයි.
අනිත් මිනිස්සු ගැන හිතන්න තියා අපේ වටේ පිටේ ඉන්නේ මිනිස්සුද නැත්නම් .
වෙන මොක්කු හරි සත්තු ජාතියක්ද කියල උන්ට නිච්චියක් නෑ.
ඇහුන් කන් දෙන්න උන්ට පුරුද්දක් නෑ.ආපුවෙලාවෙ ඉදල ටීවී එකේ.
උන් පෙන්නන දේ බලන්න පුරුදුවෙලා.ඉතින් උන් ආත්මාර්තකාමී වෙන එක පුදුමයක් නෙමේ.
 කාර්ය බහුලත්වය මිනිසුන්ව ආත්මාර්තකාමී කරනව.
වීල්ට නත්තල් නැති උනත් ඉස්සර නත්තල් ගහක් හදනව.පිදුරු ගෙනත් ගවලෙන් හදනව.
දැන් ඕවට වෙලාවක් නෑ. වෙලාවක් තිබුනත් ඕන කමක් නෑ.ඉතින් මිනිස්සු අසංවේදී වෙනව.
රචනාව නවත්තල දැන් ආපු වැඩේ කොරල ඉමු...........



ඔයාල හැමෝටම සුභම සුභ නත්තලක් වේවා........................!

Tuesday, December 23, 2014

අත්තම්ම...



ඉස්සර වීල් හැදුනෙ වැඩුනෙ වීල්ගෙ ගදෙර උනේ තාත්තගෙ මහ ගදෙර ඒ කියන්නෙ අත්තම්මගෙ ගෙදර
ඉතින් පොඩි කාලෙදි වීල්ව බලාගන්නෙ වීල් හැදුනෙ වැඩුනෙ ආත්තම්ම ලග
ඉස්සර අත්තම්මට එළවලු කොරටුවක් තිබුන ඉතින් හැමදාම වගේ අත්තම්ම වීල්ව ඔය එළවලු කොරටුවට එක්කගෙන යනව

හප්පේ බලන්න ලස්සන කොරටුවෙ තැන් තැන්වල විශාල පාත්ති හදල ඒ පාත්තිවල විශාල මැහි ගහල
කරවිල පතෝල වැටකොලු මයියොක්ක මෑ කරල්  නැති ජාතියක් නෑ ලස්සනට මැසිවලින් පහලට බරවෙලා එල්ලෙනව
වීල් ඉතින් කොරටුවෙ පැලට වෙලා ඔවුව දිහා බලාන ඉන්නව  පොල් අතු හෙවිලි කරල හදපු  පැලේ  හැම දෙයක්ම වාගෙ තිබුන
නිදියන්න ඇදක් වතුර පුරවපු මැටි කලයක් ලොකු ටින් එකක් හිල්කරල ඒකට කිතුල් කෝටුවක් හයි කොරල ඕක වහලෙ එල්ල තමා වතුර රත් කරල තේ වතුර හැදුවෙ
තේ බොන්න සුද්ද කරල  හදපු පොල් කටු කීපයකුත් තිබුන ඔය පැලේ .ඉතින් වීල් ආස කොරනම වැඩේ තමා ඔය කොරටුවට වතුර ගහනව බලාන ඉන්න එක .
විශාල පාත්ති වටේටම කානු කපල එක තැනකින් වතුර දැම්මම අර කානුදිගේ මුලු කොරටුවටම වතුර ගමන් කරනව.
වීල්ගෙ බාප්පගෙ තිබුන ලින් එහෙම හිදින්න ගන්න මෝටරයක් .ඕකෙන් තමා බොහොම වෙලාවට කොරටුවට වතුර ගැහුවෙ
තව ලිදකුත් තිබුන උන ලීයක බාල්දියක් ගැට ගහල තමා ඔය ලිදෙන් වතුර අදින්නෙ.සමහර දවසට අත්තම්ම ඔය ලිදෙනුත් වතුර ඇද ඇද වතුර ගහනව කොරටුවට
ඈතින් දාපු වතුර කානු දිගේ ඇවිත වීල් ඉන්න පැල ගාවින් යනකන් හරිම හරිම ආසාවෙන් බලාන ඉන්නෙ.ඊට පස්සෙ ඒ වතුර එක්ක සෙල්ලම් කරනව
දවල්ට අත්අම්ම බත් උයන්න යනව. ගිහින් බත් උයාන එනකන් වීල් ඔය පැලට වෙලා තමා ඉන්නෙ.අත්තම්ම උයන කෑම හරි රසයි මයියොක්ක තම්බල තොන්ඩයි හොද්දක් හදල
සම්බෝලුකුත් එක්ක ඇද ඇරෙන්න දෙසාබාන්න පුලුවනි.සමහර දවසට කොරටුවෙන් කඩපු වැටකොලු.වීල්ගෙ ආසම කෑම තමා ඒ දවස්වල වැටකොලු කියන්නෙ.
ගමේම තියන ගොම එකතු කරන් ඇවිත් තමා අත්තම්ම ඔය කොරටුවට දාන්නෙ පෝර කොල එහෙමත් දානව.සත්තු එනවට ගහන්න බේත් වර්ග කියල එකක් ඒදවස්වල තිබුනෙ නෑ
කොහොම හරි කොරටුව හරි සාරෙට හැදිල තිබුන.අත්තම්මයි සීයයි එළවලු කඩාන ගිහින් පොල දවසට විකුනනව.තව ලගපාත කඩ වලටත් දානව.වීල්ලට ඒ දවස්වල සල්ලිය බාගෙ එහෙම නෑ.
අත්ම්මලෑ ගෙදර ලොකු බෙලි ගහක් තිබුන ඕකෙන් බෙලි හදල තමා වීල්ගෙ අම්ම කිරි පිටි වෙනුවට දීල තියෙන්නෙ. ඉතින් බෙලි බීල කිසි සද්දයක් නැතුව වීලුයි වීල්ගෙ අක්කයි හොදට නිදා ගන්නවලු
 

වීල් ගෙ අම්ම ඒ දවස්වල දුෂ්කර පලාතක ගුරු සේවයෙ යෙදිල උන්නෙ.වීල්ගෙ අම්මට අත්තම්ම හරිම ආදරෙයි
වීල්ට අසනීප උනාම අත්තම්ම තමා බේත් ගේන්න එක්කරගෙනයනව තාම මතකයි
ඒ දවස්වල ලයිට් එහෙම නෑ හුලු අතු එලියෙන් තමා ගමන් බිමන් එහෙම ගියේ
අත්තම්මලෑ ගෙදර ඉදන් ටවුමට කිලෝ මීටර් දෙකක් විතර තියනව
වාහනයක් දකින්නෙ බොහොම කලාතුරකින් එකම එක බෙහෙත් සාප්පුවයි ඒ කාලෙ
ටවුමටම තිබුනෙ.
පස්සෙ කාලෙ අත්තම්ම එලවලු කොරටුව කරන එක නතර කොරල දැම්ම
වීල් ගෙ ගම් ප්‍රදේශෙ ගඩොල් කර්මාන්තෙට හරි ප්‍රසිද්දයි.
ඔය ගඩොල් කරුමාන්තෙ නිසාම හැම තැනම වලවල් කපල දැන් නම් වගා කරන්න තැනක් හොයා ගන්න අමාරුයි.
පස්සෙ කාලෙදි වීල්ගෙ අම්මයි තාත්තයි ටවුමෙ ගෙයක් හදල එහෙ පදිංචියට ආව.එතකොට අත්තම්මත් එක්කන් ආව.
අත්තම්ම හරිම සංග්‍රහ ශ්‍රීලී කෙනෙක්.අත්තම්මගෙ සංග්‍රහ ශ්‍රීලී කම කොච්චරද කියනව නම් පාරෙ යන මිනිස්සුන්ටත්
අඩ ගහල බත් බෙදල දෙනව.වීල්ගෙ යාලුවො ඇවිත් මිදුලෙ බයික්කෙ නවත්තනකොට
අත්තම්ම උන් ඔක්කොටම කුස්සියට ගිහින් බත් බෙදල අහවරයි.
අපේ ගෙදරට ආපු කෙනෙක්ට අත්තම්ම ඉන්න දවස්වල නොකා නම් යන්න හම්බ වෙන් නෑ .

දවසක් ගෙම්බ ආව  අපේ ගෙදර .ගෙම්බ කියන්නෙ වීල් ගෙ අතිජාත මිත්‍රයන් ගෙන් කෙනෙක්.ඌ ආවෙ උගෙ කොන්ඩෙ ටින්ට් කරගෙන .
අත්තම්ම මේක දැකල ලගට ගිහින් මුගෙ කොන්ඩෙ පිහදානව.ඈ බන් කොලුවො උඹ කොහෙද මේ ගඩොල් පොරන් අස්සෙ රින්ගුවෙ බලපන්
මේ හැම තැනම ගඩොල් කුඩුනෙ බන්. අත්තම්ම කොන්ඩෙ පිහදානව.අනේ නිකා ඉදින් අත්තම්මෙ ඒක තමා දැන් අලුත්ම ස්ටොයිල් එක.ගෙම්බ කිවුව.

ගෙදර ටීවී එකෙන් සිරසෙ ඉස්සර යන කතා සේරෝම අත්තම්ම බලනව.
අත්තම්ම ඇයි අර තුල්සි ගහ ගන්නෙ කියල අහනව ප්‍රවීන කතාව යද්දි
7.30 හේ කතාව බලල ඒකෙ මොකක් හරි ප්‍රශ්නයක් අහන්නෙ අත්තම්ම  9.30 හේ කතාව යද්දි.
අත්තම්මගෙ හිතේ ඒ හැම කතාවක්ම එක කතාවක් කියල.
අපිට හිනා ඉතින් අපිටත් ටැපලෙනවනෙ ඕව බලද්දි.

අත්තම්ම ඒ දවස්වල වන්දනා ගමනක් එහෙම අත අරින්නෑ.අත්තම්ම හිටෝපු කෙහෙල් කැනක් විකුනල අත්තම්ම වන්දනාවෙ යනව වීල්ට මතකයි.
අත්තම්ම වන්දනාවෙ ගිහින් එනකොට දොදොල් පට්ටයක්, මස්කට් බෑයක්, රුලං රෝලක්, අපට වරදිනෑ ඉතින්.
අත්තම්ම නැතිවෙලා දැන් අවුරුදු හයක් විතර.
අපිට ගොඩක් ආදරෙන් හිටිය අත්තම්මව තාමත් වීල්ට මතක් වෙනව.වීල් පලවෙනි පාරට කෙනෙක් නැතිවුනාම ඇඩුවෙ ඒ අත්තම්මගෙ මල ගේ දවසෙ.
වීල්ගෙ ජීවිතේදි දැකපු ගොඩක් සතුටින් හිටිය මිනිසුන්ගෙන් එකම කෙනා අත්තම්ම.අද මිනිස්සු තමන්ට ගොඩක් දේවල් තිබිලත් හරිම අසතුටින් ඉන්නෙ.
අත්තම්මට මොකුත් නැතුවත් එයා සතුටින් හිටිය .
අත්තම්ම කොහොමද හිනාවෙලා හිටියෙ කියල වීලුට හිතා ගන්න බෑ
සමහර දවස්වල එයා නැටුව අපිට පේන්න.
අත්තම්ම දුක් උනා නම් දුක් උනේ ඒ වීල් හන්ද විතරයි.
අත්තම්ම ගැන හිතේ තියන දේවල් අකුරු කරගන්න තරම් හැකියාවක් වීල්ට නෑ .ඒත් අත්තම්ම ගැන වීල් මේ ටික කියන්නම ඕනෙ.
අත්තම්මේ උඹට නිවන් සුව ලැබේවා...........!
නිවන් දකින තෙක් උඹ මගේම අත්තම්ම වේවා..........!

Tuesday, December 2, 2014

වස්සානය


ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වගේම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අත ගගා නැමිලා දියට
දිය කෙළින හැටි පුංචි මාළුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුළන් දා ඔය කිම්ද මල් වරව ඉල් මහට?

සෙනේහය පිරී ගිය ඔබෙ නයන නිල් පොකුණු
දිය නිලන වැසි සමේ රැළි නගා උතුරාය
තඹර පෙති අතර හෙල් මැළි රේනූ වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවෙයි හුණුව ගිය ලේ ගිය නහර

දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිළිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා අණුහුමට හිරු එළිය
මිහිරි වම් කිරි වගේ පොවන්නෙමි නුඹලාට

රමණීය වන ගැබෙහි මොනරුනට පිලි වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැසි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළ්වට
කුරුල්ලෝ ඉගිල්ලි වරෙන් නුඹ මා ළඟට

වැහි වළාකුළු රංචු කඳු මුදුන් වල ලඟින
දැන් ඒවි තැනි බිමට සීතලයි මගෙ සිතට
වැසි සමේ රෑ ඇ‍ඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතිං මගෙ හෙට දවස මට දෙන්න

‘ගිම්හානයේ ගිලන් වී කෘශව සියුමැලිව
ඇදී ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස’

― රත්න ශ්‍රී විජේසිංහ

Wednesday, November 26, 2014

විද්‍යාර්ථියා 'විස්‌සවිද්‍යාලකාරයා' බවට පත් කිරීම

විද්‍යාර්ථියා
'විස්‌සවිද්‍යාලකාරයා' බවට පත් කිරීම



විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා ලාංකීය ගැමි වහරෙහි එන ලෙස "විස්‌සවිද්‍යාලකාරයා" (මෙම ලිපියේ "විස්‌සවිද්‍යාලකාරයා" යන වචනයේ එන සියලු වනිතාර්ථ ද සමග යොදා ගැනෙන්නේ එකල හෝ මෙකල විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි හා සිටින සිසුවා වෙනුවෙනි) ලෙස අප හඳුන්වන්නේ ඉන් ගම්‍ය වන ඔහු පිළිබඳ වීරත්වය හා බුද්ධි ප්‍රභාව කැටි මහේශාක්‍ය ප්‍රතිරූපය නිසා පමණක්‌ නොව, ඒ හරහා ඔහු ප්‍රතිසංස්‌කරණය නොහැකි ලෙස ගොනාට ඇන්දවී ද තිබෙන නිසා ය. විද්‍යාර්ථියා "විස්‌සවිද්‍යාලකාරයා" වීම තුළ කොතරම් ගොනාට ඇන්දවී තිබේ ද කිවහොත් ඔහුට තම මූලික භූමිකාව පවා හඳුනා ගැනීමට නොහැකි ව අරමුණක්‌ නැති, තමා කවුද, කුමන දිසාවකට ගමන්කරන්නේ ද යන්න හඳුනා ගැනීමට නොහැකි ව වල්මත්වූ එකකු බවට පත් ව තිබේ.

විශ්වවිද්‍යාලවල එදා මෙන් ම අද ද පැනනගින ගැටලුවලට ප්‍රධාන හේතූව විද්‍යාර්¨ථි භූමිකාවෙන් "විස්‌සවිද්‍යාලකාරයාගේ" භූමිකාවට ඒමෙන් පසු පැනනැගෙන ඉහත කී වල්මත් මානසිකත්වයි. වල්මත් බවට මූලික ම පදනම වැටෙන්නේ පාසල් සිසුවා විශ්වවිද්‍යාලයට පැමිණි විගස, ඔහුගේ ඥාන සම්පාදක භූමිකාව ගලවා ඔහු ව පූර්ණකාලීන සටන්කරුවකු ලෙස බෞතිස්‌ම කිරීමත් සමගම ය. විටෙක මෙහි ඉතිහාසය විශ්වවිද්‍යාලය තරම් ම පැරණි ය. තමා විශ්වවිද්‍යාලයට පැමිණි මූලික ම අරමුණ, එනම් ඥානනය හුදු විකල්පයක්‌ පමණක්‌ වී, මින් පසු ඔහු තුළින් රාජ්‍යයට එරෙහි සටන පෙරට එන්නේ ය. එහි දී දැනුම හා එම දැනුම ලබාදෙන විශ්වවිද්‍යාලය නමැති ආයතනය පවා ඔහු ගේ "මහාඅනෙකා" බවට පත්වේ. විශ්වවිද්‍යාලය ඔහුගේ සතුරාගේ දෘශ්‍යමාන නියෝජිතයා ය. මෙම තත්ත්වය දැන් ඝන ව මුදවා තිබෙන පාරභෞතිකයෙකි. අලුතින් දුන් සටන් භූමිකාව පිළිබඳ පාරභෞතිකය, එනම් මිත්‍යාව කෙතරම් පද්ධතික විඥානය තුළට කිඳාබැස තිබේ ද කිවහොත්, 'ඔරිජිනල්' සිසුවා යනු සටන්කරන "විස්‌සවිද්‍යාලකාරයා" ය. විද්‍යාර්ථියා අපතයෙකි. බාහිර සමාජය ද මෙම මිත්‍යාව එදා සිට ම ඒ අයුරින් ම පිළිගෙන තිබේ. ඔවුන් සිතන්නේ ද සිසුවා 'විස්‌සවිද්‍යාලකාරයා' මිස, විද්‍යාර්ථියා නොවන බව ය. බොහෝ විශ්වවිද්‍යාල සටන් හුදු ව්‍යාජ ඒවා බව දැන දැන ම බාහිර සමාජය ඒවා ගැන නොතකන්නේ සිසුවා ඒ තම සමාජ භූමිකාව ර`ගදැක්‌වීමේ ක්‍රියාවලියේ යෙදී සිටින බව සිතමිනි. 'විස්‌සවිද්‍යාලකාරයාගේ' සමාජ ප්‍රකාශනය දැනුම නොව, සටන බව බාහිර සමාජයේ තාමත් පවතින මෝඩ අදහසකි.


විශ්වවිද්‍යාල සිසුවා විද්‍යාර්ථියාගෙන් ගලවා "විස්‌සවිද්‍යාලකාරයා" බවට පත්කරන්නේ මාර්ක්‌ස්‌වාදීන් විසිනි. ඊනියා සර්ව සාධාරණ ලෝකයක්‌ උදෙසා වන සටන දියත් කිරීමට පහසුම මග විශ්වවිද්‍යාලය බව තැකූ මාර්ක්‌ස්‌වාදී දේශපාලකයා තම රොමැන්තික අලංකාරෝක්‌ති හරහා දෙමාපිය ග්‍රහණයෙන් මිදී විශ්වවිද්‍යාලය නමැති 'නිදහස්‌ බිමට' පැමිණි නොපැසුණු විද්‍යාර්ථියා ඉතා පහසුවෙන් හීලෑ කරගන්නේ ය. එනම් 'විස්‌ස විද්‍යාලකාරයෙකු' කරන්නේ ය. ඔහු එසේ කරන්නේ අරමුණු දෙකක්‌ එකවර ඉටුකර ගැනීම සඳහා ය. එකක්‌ විද්‍යාර්ථියාගේ මෙන් නොව 'විස්‌සවිද්‍යාලකාරයාගේ' නොපැසුණු බව හරහා නැගෙන ප්‍රශ්න කිරීමකින් තොර පාක්‌ෂික භාවයයි. අනෙක නම් 'විස්‌සවිද්‍යාලකාරයාට' 'බුද්ධිමතකු' ලෙස බාහිර සමාජයේ තිබෙන සංකේතීය බලයයි.


පළමුවෙනි කරුණ 'එනම් ප්‍රශ්න කිරීමකින් තොර පාක්‌ෂික භාවය' යන කරුණ මගින් ම දෙවැනි කරුණ විසංයෝජනය කළ ද 'විස්‌සවිද්‍යාලකාරයා' යනු ප්‍රශ්න නොකර පිළිගන්නකු බව ගැමියා නොදන්නා හෙයින් දෙවැනි කරුණ මඳක්‌ වැඩියෙන් විමසා බැලිය යුත්තකි. 'විස්‌සවිද්‍යාලකාරයා' බුද්ධිමතකු බවට වන විශ්වාසය සහමුලින් ම ගැමි නිර්මාණයකි. මෙම ගැමි-නිර්මාණය 'විස්‌සවිද්‍යාලකාරයා' ඉතා සූක්‌ෂම ලෙස තම සමාජ ප්‍රාග්ධනය ලෙස දැන් ස්‌ථාපිත කොටගෙන තිබෙන බව ඇත්තකි. එහෙත් මෙය ව්‍යාජයකි. සරල ම උදාහරණයක්‌ ගනිමු. 'විස්‌සවිද්‍යාලකාරයා' අතීතයේ පටන් ම ඉතා පහසුවෙන් කිසියම් මතවාදයකට හීලෑකරගත හැකි ය. ඔහු ආකර්ෂණීය මතයකට, පුද්ගලයකුට වහා නැමෙන සුළු ය, ඉන් වහා ගිණිකන වැටෙන සුළු ය. බොහෝ 'විස්‌සවිද්‍යාලකාරයින්' මාර්ක්‌ස්‌වාදයට ඇදෙන්නේ ෙච් ගුවේරා ගේ කඩවසම් පෙනුම නිසා ය. ෙච් ගුවේරාට තිබෙන තැන කාල් මාර්ක්‌ස්‌ට වුව නැතිවන්නේ මාර්ක්‌ස්‌ කඩවසම් නැති නිසා ය. 'ආදරය වේ' වැනි හැ`ගුම්බර පාර භෞතිකවලින් පෙනීයන ලෙස, 'විස්‌සවිද්‍යාලකාරයා' ෙච් ආගමක්‌කොට අදහන්නේ, එසේ කිරීමට පටන් ගත් දා සිටම මාර්ක්‌ස්‌වාදය අවසන්වන බව නොදැන ය. කෙසේ වෙතත්, මේ සියල්ලෙන් ම පෙනීයන්නේ 'විස්‌සවිද්‍යාලකාරයාගේ' තුළ තිබෙන බොලඳ බව නොවේ ද? ඔහු ගේ සුවිශේෂී බුද්ධිමත් බව නොව පෘථග්ජන බව නොවේ ද? විමසුම් නුවණ නොව ආදානග්‍රාහිත්වය නොවේ ද? මේ අතර 'විස්‌සවිද්‍යාලකාරයා', නිදහස්‌කාමී, අදීන, වීයකු ය යන මිත්‍යාව හැට සහ හැත්තෑව දශකවල මාර්ක්‌ස්‌වාදී ඌරුවක්‌ ගත් චිත්‍රපටවලින් ද තවදුරටත් ජනහිත්වලට කාන්දු කරන ලදී. මේවා නිර්මාණය කළේ ද රොමැන්තික මාර්ක්‌ස්‌වාදීන් විසිනි. කෙසේවෙතත්, මිනික්‌බිති ව 'විස්‌සවිද්‍යාලකාරයා' මෙකී අරුමැසි මාර්ක්‌ස්‌වාදී රූපරාමුවල සදාතනික ව තනිවීමට තීරණය කරන ලද අතර ගැමියා එය සාමාන්‍ය තත්ත්වය ලෙස පිළිගත්තේ ය.


'විස්‌සවිද්‍යාලකාරයා' පිළිබඳ සියලු මිත්‍යා හෙළිවන්නේ, ඔහු විශ්වවිද්‍යාලයෙන් පිට ව ගිය සැණින් ය. පවතින රජයට හා එහි දේශපාලන ක්‍රියාකාරිත්වයට එරෙහි මරාගෙන මැරෙන සටනක්‌ කරන 'විස්‌සවිද්‍යාලකාරයා' විශ්වවිද්‍යාලයෙන් පිටව යන මොහොතේ සිට ම සටන අතහරින්නේ හිරිකිත හිතෙන ලෙස ය. එදා ද අද ද එසේ ය. එදා මෙන් ම අද සටන්කරුවෝ පවතින රජයේ ඉහළ තනතුරුවලට පත් ව, උදාහරණයක්‌ ලෙස පරිපාලකයකු, මන්ත්‍රීවරයකු, ඇමතිවරයකු හෝ පොලීසියේ ඒ.එස්‌.පී. කෙනකු බවට පත්වී ශිෂ්‍ය සටන් මර්දනය කිරීමට පෙරළා විශ්වවිද්‍යාලට පැමිණෙති. වත්මන් උසස්‌ අධ්‍යාපන ඇමතිවරයා ද හිටපු විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයකු බව අප අසා තිබේ. මාර්ක්‌ස්‌වාදී පෙළපොත්වලින් අහුලා ගත් සටන් පාඨ කියමින් වීදි සරන විශ්වවිද්‍යාල සටන්කරුවන් දැන්නම් බොහෝවිට නවතින්නේ ෆේස්‌බුක්‌ ගිණුම්වල ය. ඒ ද නිකම් නොවේ, ටයිපටි පැළඳගෙන ධනවාදී කාර්යාල පරිශ්‍රයක අසිරිය තම හිතවතුන්ට උජාරුවෙන් පෙන්වමිනි. ඔවුහු ඊට, තම හිතවතුන්ගේ, ලයික්‌, එකක්‌ ද අපේක්‌ෂා කරති.


'විස්‌සවිද්‍යාලකාරයා' එක්‌වර ම පැතිමාරු කරගන්නේ ඇයි? සරල ය. ඒ අන් කිසිවක්‌ නිසා නොව, ඔහුට දැන් අරමුණක්‌ ලැබී තිබේ. තමා දැන් ජීවත්වනවා ය යන හැ`ගීම ඔහු තුළට ගමන්කොට තිබේ. ඒ අනුව, ඔහු තම විසිරුණු, ඉලක්‌ක, අරමුණු නැති ජීවිතය නැවත එකදුපාදා කරන්නේ ය. ජීවිතයට අරමුණක්‌ දෙන්නේ ය. ඒ ඔස්‌සේ, ඒ පසුපස තම ගමන දිශාගත කරන්නේ ය.


කෙසේ වෙතත්, 'විස්‌සවිද්‍යාලකාරයන්' තුළ ආරම්භයේ පටන් ම මාර්ක්‌ස්‌වාදීන් විසින් පැලපදියම් කර තිබූ ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිවාදය නිසා 'විස්‌සවිද්‍යාලකාරයා' හා මෙරටේ රාජ්‍ය නිරන්තරයෙන් ම ගමන්කර තිබුණේ එකිනෙකට විරුද්ධ දිසාවන්ට ය. වර්තමානයේ ද එය එසේ ය. මින් අදහස්‌ වන්නේ වෙනස්‌ දේශපාලන මත දැරීම පිළිබඳ ප්‍රශ්නයක්‌ නොවන බව පැහැදිලිs විය යුතු ය. එහෙත් වෙනත් දෘෂ්ටිවාද දැරීම පිළිබඳ ප්‍රශ්නයකි. දෘෂ්ටිවාදයක්‌ විසින් කිසියම් පද්ධතියක සුසමාදර්ශී වෙනසක්‌ අපේක්‌ෂා කරන අතර දේශපාලන මතයක්‌ විසින් ඉල්ලා සිටින්නේ සමාන පද්ධති ප්‍රදේශයකි. ලංකාවේ විශ්වවිද්‍යාල ව්‍යාපාරය ගොඩනංවා ඇත්තේ එකහෙළා රාජ්‍යයට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිවාදයක්‌ මත ය. භයානකත්වය ඒ ය. ඒ විසින් නිරන්තරයෙන් ම ඉල්ලා සිටියේ පවතින රාජ්‍ය ක්‍රමයට විරුද්ධ වන ලෙස ය. පවතින ක්‍රමය තම සතුරා ලෙස දකින ලෙස ය. විශ්වවිද්‍යාල ආයතනය හා ගුරුවරයා පවා ධනවාදී කඳවුරේ නියෝජිතයකු ලෙස 'විස්‌සවිද්‍යාලකාරයාට' දිස්‌වන්නේ මේ නිසා ය. අවසානයේ 'විස්‌සවිද්‍යාලකාරයා' විද්‍යාර්ථියෙකු වීම සහමුලින් ම අතහැර තම දෘෂ්ටිවාදී සතුරාට එරෙහි සටන්කරුවෙකු බවට පත්වන්නේ ය. 'විස්‌සවිද්‍යාලකාරයා' හා රාජ්‍ය අතර පවතින සම්බන්ධය පෙන්වා දිය හැකිවන්නේ සීතල යුද සමයේ සෝවියට්‌ දේශය හා ඇමරිකාව අතර තිබූ ගැටුම ආශ්‍රයෙනි.


මේ අනුව, ලංකාවේ විශ්වවිද්‍යාලය හා රාජ්‍ය ගොඩනංවා තිබෙන තර්කනය එහෙම්පිටින් ම අතාර්කික ය. නූතන රාජ්‍ය විසින් ඉල්ලා සිටින එක්‌ ප්‍රධාන ඉල්ලීමක්‌ වන්නේ රාජ්‍යයේ සියලු අංශ, විශේෂයෙන් අධ්‍යාපන අංශය, එක්‌ පොදු අරමුණක්‌ කරා ගමන් කළ යුතු බව ය. එසේ කිරීමෙන් පමණක්‌ ම රාජ්‍යයේ පොදු අරමුණු, එනම් තමාගේ අරමුණු සාක්‌ශාත්කරගත හැකි ය. රාජ්‍ය ධනවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම් අධ්‍යාපනය ඊට සමගාමී විය යුතු ය. ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති ධනවාදී ය. අප විසින් ම ඊට එක හෙළා එක`ග වී තිබේ. එසේ නොමවූයේ නම් වර්තමානයේ රාජ්‍ය බලය දරනුq ඇත්තේ සමසමාජ, කොමියුනිස්‌ පක්‌ෂ හෝ ජනතා විමුක්‌ති පෙරමුණ විසිනි. එහෙත් ගෙදර දී ධනවාදී ආණ්‌ඩුවලට ඡන්දය දී විශ්වවිද්‍යාලයට ගොස්‌ මාර්ක්‌ස්‌වාදී න්‍යාය පත්‍රවලට වැඩකිරීම ලංකාවේ තිබෙන සුවිශේෂී තත්ත්වයකි. තව ද පෙරළා වසර හතර අවසානයේ නැවතත් ධනවාදී පක්‌ෂයක සාමාජිකයකු වීම ඊටත් වඩා සුවිශේෂි තත්ත්වයකි. මෙම සුවිශේෂී රූපාන්තරනය අතරතුර 'විස්‌සවිද්‍යාලකාරයාට' අර්බුද රැසකට මුහුණ දීමට සිදුවේ. ඉන් ප්‍රමුඛතම ය වන්නේ තමා කවුද, තමාගේ දිශාව කුමක්‌ ද යන්න පැහැදිලි ව ඔහුට නිර්වචනය නොවීම ය. 'විස්‌සවිද්‍යාලකාරයාගේ' මෙම ව්‍යාකූල, දෙබිඩි තත්ත්වය-එනම් අනන්‍යතා අර්බුදය - ඔහු ව ව්‍යාකූල කරන්නේ ය. බියට පත්කරන්නේ ය. ඔහු අරමුණක්‌ නැති, දිසාවක්‌ නැති අයකු බවට පත්කරන්නේ ය. පරාධීන රංචු-යෑපුම්කරුවකු බවට පත් කරන්නේ ය.


මහින්ද පතිරණ

සඳවතිය





මගේ ඇස් මානයෙන් වෙන්ව ගිය සඳවතිය
හිත් කන්ද අබියසින් පහලිනුත් පහලටම
වාවන්න බැරිවුනේ මට නොවේ ඇස්වලට


දහසකුත් නෙතු අතර හිත පුරා ඇදුනු රුව
හීනෙකින් වත් නොආ අද කොහිද සඳවතිය

Tuesday, November 25, 2014

වීල් කොලුවගෙ බෑන්ඩ් කෙරුවාව




මේ කියන්න යන්නෙ වීල් කොලුවගෙ එක දහස් නවසිය බර ගනන්වල කතාවක් ඒ කාලෙ කියන්නෙ ඒ කාලෙ කතාවක්.ඒ කාලෙ වීල් කොලුවට සංගීත පිස්සුව තිබුනනෙ.සංගීත පිස්සුව කියන්නෙ ඔය බෑන්ඩ් පිස්සුව වගේ එවුව.වෙලාවකට හිතෙනව වීල් කොලුවට ගොඩක් දේවල් අහිමි උනෙත් ඔය සංගීත පිස්සුව හින්දද කියල.මොනව කොරන්නද.මන් කතාව කියල දාන්නම්කො ඉතින්.ඒ කාලෙ වීල් කොලුවට බෑන්ඩ් පිස්සුව තදේටම තිබ්බ කොටින්ම කිවුවොත් බෑන්ඩ් උන.ඒ කාලෙ ඉතිං ගොඩක් වැඩ තියෙන්නෙමේ වීල් කොලුවගෙ බෑන්ඩ් එකට තමයි.
(ඇයි ඉතිං හැම එකක්ම ගැහුවෙ නිකංනෙ).


අපේ ගමේ හේමන්ත අයිය තමා ඉතින් ඉතින් අපිට වැඩ පංගාත්තු කොරේ.හේමන්ත අයිය දවසක් ඇවිත් වෙඩිමක් බාර දුන්න මලිලි හෙට වැඩක් තියනව එළට දෙන්න ඕනෙ අර අහවල් ගායකයත් එනව හරි.උඹල වැඩේ නියමෙට දෙන හින්ද තමා උඹලටම දෙන්නෙ හරි. හරි හරි අයියෙ නියමෙට දෙන්නං වැඩේ කිසි දේක කහටක් තියාගන්න එපා අයිය මංතුමාත් වැඩේ බාර ගත්ත ඉතිං. දැංතමා කෙලිය අර අහවල් ගායකයගෙ සින්දු එකක් වත් බලල නෑ ඉතිං.මොවය කොරන්නද ඉතිං .වීල් කොල්ල ඉතිං නොවදිනා වැදුම් වැදල වීල් කොලුවගෙ බෑන්ඩ් සෙට් එකත් ගෙන්නගෙන ඔන්න දැන් ප්‍රැක්ටිස්.කොහොමින් කොහොම හරි දැන් රෑ දෙගොඩ හරි ජාමෙත්උනා.වීල් කොලුවගෙ අම්ම ඉතිං නැගිටගෙන බැන බැන රෑ දෙගොඩ හරි ජාමෙ තේ පැන් ටිකක්  එහෙම වත්කොරල දුන්න. දැන් තමා උච්චතම  හරිය රෑ 2 ට විතර ඇති.දැන් සද්දෙටම ප්‍රැක්ටිස් කස්ටිය.අපේ සිංදු කියන එකා දැන් සිංදුවක් කියනව පෝම් වෙලා.
බිගු බමා බමා...........පෙති තලා තලා ....... පැනයාවී....... කියද්දිම අවුරුදු 55- 60 විතර පොරක් කඩුවකුත් අරන් පැන්නනෙ එතෙන්ට සිදත් සගරා හෝඩියත් කියගෙන.
අම්මට උඩු මේ මොන හෙනයක්ද පාත් ‍උනේ බත් මුට්ටියට.කට්ටියම පැනල පොරව බදා ගත්ත.පොර බීල හොදටම දැන් ජීවිතේට අහල නැති සින්හල කියෝනව.
අපේ ඩ්‍රම් ගහන එකා ඉදිරියට පැන්න උඹ කවුද යකෝ අපිට පාට් දාන්නෙ කියාගෙන.මල පැන්න බුවා අපේ සෙට් එකම අහකට තල්ලු කරල ඩ්‍රමාව උස්සල අරන්
ගැහුව පොලවෙ.ඌ සයිලන්ට්.කී බෝඩ් ගහපු එකා නැගිටල දුන්න පාරට පොර වැටුන හතර ගාතෙන්.දැන ගමේ එවුනුත් ඇවිත් තව එකා දෙන්න එනව නිදි මාරගාතේ .

ඊට පස්සෙ ගමේ එවුන් මැදිහත් වෙලා පොරව ෂේප් කරගෙන එක්කන් ගියා.වීල් කොලුවට ගෙදරිනුත් බැනුම් කෝටියයි. අන්තිමේදි ප්‍රැක්ටිස්කෙරිල්ල නතර කොරල දාන්න උනා.
දැන් කස්ටිය මූඩ් ගහල කල්පණා කරනව මොකෝ මේ උනේ කියල.ඩ්‍රමා කටහඩ අවදි කලා මචං අපි ගිහින් ඌට ආපහු නෙලල එමු.ඩ්‍රමා ගේමම ඉල්ලනව ඒ පාර.
ඔන්න එතකොට කවුද ගෑනුකෙනෙක් ඇවිත් අනේ මල්ලිල සමා වෙන්න මේ වෙච්ච දේට .අපේ මනුස්සය දැන මාස ගානක් ත්‍රිකුනා මලේ කොන්ත්‍රාත්තුවක වැඩ
මාස ගානකින් ඕන් ගෙදර ඇවිත් දවස් ගානකින් නින්දක් නෑ කියල කට ගොන්නක් බීල නිදාගෙන හිටියෙ.හිටපු ගමන් කඩුවත් උස්සගෙන දිවුවනෙ මේ මනුස්සය.
ඊට පස්සෙ අපිට නුවන එන්න පටන් ගත්ත ටික ටික.අපි සද්දෙට ප්‍රැක්ටිස් කරපු හන්ද අර මනුස්සයට  නිදා ගන්න නැති හන්ද මල පැනල තමා කඩුවත් අරන් ඇවිත් තියෙන්නෙ.
ඊට පස්සෙ අපිත් සමාව ඉල්ලුව.ඔන්න ඔය  විදිහට තමා ඉතින් බෑන්ඩ් කෙරුවාව නිසා වීල් කොලුවගෙ ජීවිතේ යංතං බේර ගත්තෙ ඇයි දෙයියනේ මූ කඩුව අරන් කාට හරි කෙටුවනන් එහෙම.


ඔය වගේ කතා ගොඩාක් තියනව ඔය වීල් කොලුවගෙ බෑන්ඩ් කෙරුවාව නිසා සිද්ද වෙච්ච ඉතුරුව පස්සෙ ටික ටික කියනනම් හොදේ.

Monday, November 24, 2014

ඔපීසි නංගිල

මං තුමා ඒ කියන්නෙ වීල් කොල්ල බ්ලොග් කෙරුවාවට අලුතෙන්නෙ අත්පොත් තැබුවෙ.
මංතුමා ඉතින් ලියන්න කියන්න හරිම කම්මැලියි.ඉතින් කවදවෙනකන් මේ කෙරුවාව කොරගෙන යයිද දන්නෑ
වැරදි ඇතොත් සමාවෙන්න ඕනෙ හොදේ. ඉතින් වීල් කොල්ලට අද වෙච්ච සිද්දියක් කොටල දානන් කියල හිතුවෙ.
අද උදේ වීල් කොලුවට රාජකාරියට පිටත් වෙනකොට හොදටෝම ප්‍රමාද වුනානෙ.වීලුයි වීල් ගෙ යාලුවයි බෝඩිං වෙලා තමා ඉතින් ඉන්නෙ
අම්ම ගායි බැට්එකෙන් කිවුව වගේ නැගිටිනකොට හොදටෝම ප්‍රමාදයි.ඉතින් ප්‍රමාදවෙලා දනිපනියෙ නැගිටල ලක ලැහැස්ති වෙලා වීල් කොලුවගෙ අවුඩි රථයෙ
වීල් කොලුවයි වීල්ගෙ යාලුවයි එන්න පටන් ගත්ත.


මේතියෙන්නෙ වීල් කොලුවගෙ අවුඩි රථේ දැකල නැත්තං ඕන් බලා ගන්ඩොල



ඕන් දැං හොදටෝම ප්‍රමාදයි.වීල් කොලුව ලෑල්ලට පාගනව.
ඔන්න හිටිගමන් අත දැම්මෙ නැතෑ ඔපීසි යන නංගිල දෙන්නෙක්.මක්ක කොරන්නද ඉතින් වීල් කොලුව ආපු වේගයටම ලෑල්ලත් ඇරන් ගියා.
හිටපු ගමන් වීල් කොලුවගෙ යාලුව පිටි පස්සෙ ඉදන් කෑ ගහනව.යකෝ නවත්තපිය නවත්තපිය කියල.මං ඇහුව මොකෝ බන් පරක්කුවෙලා ඉන්න අවු අස්සෙ
යකෝ ගෑනු ලමයි දෙන්නෙක් අත දැම්මෙ හදිසි කරදරයකද දන්නෑ බබෙක් වත් හම්බුවෙන්න ඉන්නවද දන්නෑ නවත්තපන් යකෝවු කියල මූ කෑ ගහනව.
මංතුමා කිවුව ඉතින් මොලේ කල්පනා කරල එහෙම එහෙනම් බඩක් තියෙන්න එපෑයැ බන් කියල .එතකොට මූ කියපි එවුව තිබුනනෙ පස්සෙ බලා ගන්න උඹ ඉතිං කෑවනෙ වැඩේ.
පවු ඒ ගෑනු ලමයි දෙන්නව නවත්තල  දාගෙන යන්න තිබුනනෙ. හපොයි ඉතින් කාට කියන්නද මංතුමා ඉතින් පන කෙන්ද බේර ගෙන යාන්තං වෙලාවට රාජ කාරියොට රපෝර්තු කලා ඉතිං.

Tuesday, November 18, 2014

වැස්ස




පොදින් පොද වැහි බින්දු හෙමි හෙමින් වැටෙනවා
බේසමේ පෙගුන රෙදි තව තවත් පෙගෙනවා
බොඩිමේ ජනේලෙන් අතීතය පෙනෙනවා
වැස්ස නුඹ තව වරක් මේ හිතම තෙමනවා...........!



වීල්......

මට ආයෙ ගම එන්න

 
 
 
 
ඉර එලිය වැටෙන් නැති
හුළගකට ඉඩක් නැති
දූවිලි නගරයේ
ජීවිතය හොයාගෙන
ඇවිදලා මහන්සියි හොදටෝම අම්මේ...........!
අම්මේ අද හෙටම මට ආයෙ ගම එන්න
කුරුලු පිහාටුවක් මට එවනවාද අම්මේ ...........!


                                                                                                 වීල්....

හීන ගෙනත්