Thursday, December 25, 2014

ජීවිතය...








සුන්දරයි කියා අම්ම දුන්
සුලග වගේ ජීවත් වෙන්න ආස කරපු
කවියක් වගේ පද ගලපා ගත්තු
SMS එකක සටහන් කර නුඹට එවූ
උඩින් පල්ලෙන් කියවා නුඹ  Delete  කරන ලද
අනාදරය ලඟ දන වැටුනු ආදරය ලඟ දන නොවැටුනු
අරමුනු කුඩුපට්ටම්ව ගියද කෑලි අහුලන
තප්පරෙන් තප්පරේ ඇද වැටුනු

හුස්ම ඉල්ලා ඉකි ගසන
මැරුන පසුත් පන ගැහෙන
මගේ නොවන මගේම
තුහ් නොදකින්

සුභ නත්තලක්







අද නත්තල් දවස හොදටෝම වහිනව.වීල් බෝඩිමට වෙලා හිටියෙ ගෙදර ගියෙ නෑ.
හෙට ආයිත් රැකියාව කරා පිටත් වෙන්නත් එපායැ.බත් ඇන්ටි වැස්සෙම බත් විකුනනව.
මම රු 60 ක් දීල බත් එකක් අරන් කෑව.වීල්ට මතක විදියට බත් ඇන්ටි ඉස්සෙල්ලම හන්දියෙ
කඩයක් දාගෙන හිටියෙ.කවදාවත් දවල්ට උයාපු කෑම රෑට එයා විකුනුවෙ නෑ.
අනිත් කඩවල එකම රෝල්ස් එක වතුරෙ දාල බැදල දුන්නෙ.එකම එලවලු රොටිය හවසටත් රත් කරල දුන්නෙ.
දවල් බත් ඉතුරු නම් ඒකම තමා රෑටත් දෙන්නෙ.
රෑට අලුත් කෑමක් කන්න ‍ඕනෙ නම් කොත්තු පාරක් නැත්නමු රයිස් එකක් වගේ තමා කන්න ඕනෙ.
බත් ඇන්ටි එහෙම කලේ නෑ. වීල්ට තේරුනා ඔය විදිහට නම් කඩේ කරන්න වැඩිකාලයක් බැරි වේවි කියල.
බත් ඇන්ටිගෙ මහත්තය නෑ. මන් අහන්න ගියෙත් නෑ.ලමයි එක්ක එක්ක තනියම ඉන්නෙ ගෙයක් කුලියට අරන්.
ටික කාලයක් කඩේ කරල පස්සෙ ඇන්ටි කඩේ වහල දැම්ම.ඇහුවාම කිවුවෙ කුලිය ගෙවාගෙන කඩේ කරන්න අමාරුයි කියල.
දැන් බයිසිකලේ කෑම වර්ග තියාගෙන ගිහින් විකුනනව.දවසක් මන් දැක්ක මිනෙහෙක්ට තියා වාහනේකටවත් 
යන්න බැරි මහ වැස්සෙ පොලිතින් උරේකුත් ‍ඔලුවට දාගෙන බත් ඇන්ටි බයිසිකලේ පාගනව.මට පුදුම හිතුන.
ඒක කොච්චර දරාගැනීමක්ද.ඒවගේ දහිරිය වන්ත කාන්තාවක් මෑතකදි වීල්ගෙ මතකෙට එන්නෙ නෑ.
වෙලාවකට හිතෙනව මන් මේ කිසිම වැඩකට නැති දේවල් කියවනව කියල.
මන් දන්නෑ.වීල්ට තේරෙන විදියට මිනිසුන්ගෙ සංවේදී කම ටිකටික නැතිවෙලා ගිහින්
ආත්මාර්තකාමීත්වය හැම තැනම.නගෙරෙ ලමයින්ට ලමා කාලයක් නැහැ දැන්.
උදේ වෑන් එකේ ස්කෝලෙ ගිහින් හවස වෑන් එකේ ගෙදර එනව.ආපුවෙලා ඉදල තරහින් ඉන්නේ ඒ ලමයි.
අනිත් මිනිස්සු ගැන හිතන්න තියා අපේ වටේ පිටේ ඉන්නේ මිනිස්සුද නැත්නම් .
වෙන මොක්කු හරි සත්තු ජාතියක්ද කියල උන්ට නිච්චියක් නෑ.
ඇහුන් කන් දෙන්න උන්ට පුරුද්දක් නෑ.ආපුවෙලාවෙ ඉදල ටීවී එකේ.
උන් පෙන්නන දේ බලන්න පුරුදුවෙලා.ඉතින් උන් ආත්මාර්තකාමී වෙන එක පුදුමයක් නෙමේ.
 කාර්ය බහුලත්වය මිනිසුන්ව ආත්මාර්තකාමී කරනව.
වීල්ට නත්තල් නැති උනත් ඉස්සර නත්තල් ගහක් හදනව.පිදුරු ගෙනත් ගවලෙන් හදනව.
දැන් ඕවට වෙලාවක් නෑ. වෙලාවක් තිබුනත් ඕන කමක් නෑ.ඉතින් මිනිස්සු අසංවේදී වෙනව.
රචනාව නවත්තල දැන් ආපු වැඩේ කොරල ඉමු...........



ඔයාල හැමෝටම සුභම සුභ නත්තලක් වේවා........................!

Tuesday, December 23, 2014

අත්තම්ම...



ඉස්සර වීල් හැදුනෙ වැඩුනෙ වීල්ගෙ ගදෙර උනේ තාත්තගෙ මහ ගදෙර ඒ කියන්නෙ අත්තම්මගෙ ගෙදර
ඉතින් පොඩි කාලෙදි වීල්ව බලාගන්නෙ වීල් හැදුනෙ වැඩුනෙ ආත්තම්ම ලග
ඉස්සර අත්තම්මට එළවලු කොරටුවක් තිබුන ඉතින් හැමදාම වගේ අත්තම්ම වීල්ව ඔය එළවලු කොරටුවට එක්කගෙන යනව

හප්පේ බලන්න ලස්සන කොරටුවෙ තැන් තැන්වල විශාල පාත්ති හදල ඒ පාත්තිවල විශාල මැහි ගහල
කරවිල පතෝල වැටකොලු මයියොක්ක මෑ කරල්  නැති ජාතියක් නෑ ලස්සනට මැසිවලින් පහලට බරවෙලා එල්ලෙනව
වීල් ඉතින් කොරටුවෙ පැලට වෙලා ඔවුව දිහා බලාන ඉන්නව  පොල් අතු හෙවිලි කරල හදපු  පැලේ  හැම දෙයක්ම වාගෙ තිබුන
නිදියන්න ඇදක් වතුර පුරවපු මැටි කලයක් ලොකු ටින් එකක් හිල්කරල ඒකට කිතුල් කෝටුවක් හයි කොරල ඕක වහලෙ එල්ල තමා වතුර රත් කරල තේ වතුර හැදුවෙ
තේ බොන්න සුද්ද කරල  හදපු පොල් කටු කීපයකුත් තිබුන ඔය පැලේ .ඉතින් වීල් ආස කොරනම වැඩේ තමා ඔය කොරටුවට වතුර ගහනව බලාන ඉන්න එක .
විශාල පාත්ති වටේටම කානු කපල එක තැනකින් වතුර දැම්මම අර කානුදිගේ මුලු කොරටුවටම වතුර ගමන් කරනව.
වීල්ගෙ බාප්පගෙ තිබුන ලින් එහෙම හිදින්න ගන්න මෝටරයක් .ඕකෙන් තමා බොහොම වෙලාවට කොරටුවට වතුර ගැහුවෙ
තව ලිදකුත් තිබුන උන ලීයක බාල්දියක් ගැට ගහල තමා ඔය ලිදෙන් වතුර අදින්නෙ.සමහර දවසට අත්තම්ම ඔය ලිදෙනුත් වතුර ඇද ඇද වතුර ගහනව කොරටුවට
ඈතින් දාපු වතුර කානු දිගේ ඇවිත වීල් ඉන්න පැල ගාවින් යනකන් හරිම හරිම ආසාවෙන් බලාන ඉන්නෙ.ඊට පස්සෙ ඒ වතුර එක්ක සෙල්ලම් කරනව
දවල්ට අත්අම්ම බත් උයන්න යනව. ගිහින් බත් උයාන එනකන් වීල් ඔය පැලට වෙලා තමා ඉන්නෙ.අත්තම්ම උයන කෑම හරි රසයි මයියොක්ක තම්බල තොන්ඩයි හොද්දක් හදල
සම්බෝලුකුත් එක්ක ඇද ඇරෙන්න දෙසාබාන්න පුලුවනි.සමහර දවසට කොරටුවෙන් කඩපු වැටකොලු.වීල්ගෙ ආසම කෑම තමා ඒ දවස්වල වැටකොලු කියන්නෙ.
ගමේම තියන ගොම එකතු කරන් ඇවිත් තමා අත්තම්ම ඔය කොරටුවට දාන්නෙ පෝර කොල එහෙමත් දානව.සත්තු එනවට ගහන්න බේත් වර්ග කියල එකක් ඒදවස්වල තිබුනෙ නෑ
කොහොම හරි කොරටුව හරි සාරෙට හැදිල තිබුන.අත්තම්මයි සීයයි එළවලු කඩාන ගිහින් පොල දවසට විකුනනව.තව ලගපාත කඩ වලටත් දානව.වීල්ලට ඒ දවස්වල සල්ලිය බාගෙ එහෙම නෑ.
අත්ම්මලෑ ගෙදර ලොකු බෙලි ගහක් තිබුන ඕකෙන් බෙලි හදල තමා වීල්ගෙ අම්ම කිරි පිටි වෙනුවට දීල තියෙන්නෙ. ඉතින් බෙලි බීල කිසි සද්දයක් නැතුව වීලුයි වීල්ගෙ අක්කයි හොදට නිදා ගන්නවලු
 

වීල් ගෙ අම්ම ඒ දවස්වල දුෂ්කර පලාතක ගුරු සේවයෙ යෙදිල උන්නෙ.වීල්ගෙ අම්මට අත්තම්ම හරිම ආදරෙයි
වීල්ට අසනීප උනාම අත්තම්ම තමා බේත් ගේන්න එක්කරගෙනයනව තාම මතකයි
ඒ දවස්වල ලයිට් එහෙම නෑ හුලු අතු එලියෙන් තමා ගමන් බිමන් එහෙම ගියේ
අත්තම්මලෑ ගෙදර ඉදන් ටවුමට කිලෝ මීටර් දෙකක් විතර තියනව
වාහනයක් දකින්නෙ බොහොම කලාතුරකින් එකම එක බෙහෙත් සාප්පුවයි ඒ කාලෙ
ටවුමටම තිබුනෙ.
පස්සෙ කාලෙ අත්තම්ම එලවලු කොරටුව කරන එක නතර කොරල දැම්ම
වීල් ගෙ ගම් ප්‍රදේශෙ ගඩොල් කර්මාන්තෙට හරි ප්‍රසිද්දයි.
ඔය ගඩොල් කරුමාන්තෙ නිසාම හැම තැනම වලවල් කපල දැන් නම් වගා කරන්න තැනක් හොයා ගන්න අමාරුයි.
පස්සෙ කාලෙදි වීල්ගෙ අම්මයි තාත්තයි ටවුමෙ ගෙයක් හදල එහෙ පදිංචියට ආව.එතකොට අත්තම්මත් එක්කන් ආව.
අත්තම්ම හරිම සංග්‍රහ ශ්‍රීලී කෙනෙක්.අත්තම්මගෙ සංග්‍රහ ශ්‍රීලී කම කොච්චරද කියනව නම් පාරෙ යන මිනිස්සුන්ටත්
අඩ ගහල බත් බෙදල දෙනව.වීල්ගෙ යාලුවො ඇවිත් මිදුලෙ බයික්කෙ නවත්තනකොට
අත්තම්ම උන් ඔක්කොටම කුස්සියට ගිහින් බත් බෙදල අහවරයි.
අපේ ගෙදරට ආපු කෙනෙක්ට අත්තම්ම ඉන්න දවස්වල නොකා නම් යන්න හම්බ වෙන් නෑ .

දවසක් ගෙම්බ ආව  අපේ ගෙදර .ගෙම්බ කියන්නෙ වීල් ගෙ අතිජාත මිත්‍රයන් ගෙන් කෙනෙක්.ඌ ආවෙ උගෙ කොන්ඩෙ ටින්ට් කරගෙන .
අත්තම්ම මේක දැකල ලගට ගිහින් මුගෙ කොන්ඩෙ පිහදානව.ඈ බන් කොලුවො උඹ කොහෙද මේ ගඩොල් පොරන් අස්සෙ රින්ගුවෙ බලපන්
මේ හැම තැනම ගඩොල් කුඩුනෙ බන්. අත්තම්ම කොන්ඩෙ පිහදානව.අනේ නිකා ඉදින් අත්තම්මෙ ඒක තමා දැන් අලුත්ම ස්ටොයිල් එක.ගෙම්බ කිවුව.

ගෙදර ටීවී එකෙන් සිරසෙ ඉස්සර යන කතා සේරෝම අත්තම්ම බලනව.
අත්තම්ම ඇයි අර තුල්සි ගහ ගන්නෙ කියල අහනව ප්‍රවීන කතාව යද්දි
7.30 හේ කතාව බලල ඒකෙ මොකක් හරි ප්‍රශ්නයක් අහන්නෙ අත්තම්ම  9.30 හේ කතාව යද්දි.
අත්තම්මගෙ හිතේ ඒ හැම කතාවක්ම එක කතාවක් කියල.
අපිට හිනා ඉතින් අපිටත් ටැපලෙනවනෙ ඕව බලද්දි.

අත්තම්ම ඒ දවස්වල වන්දනා ගමනක් එහෙම අත අරින්නෑ.අත්තම්ම හිටෝපු කෙහෙල් කැනක් විකුනල අත්තම්ම වන්දනාවෙ යනව වීල්ට මතකයි.
අත්තම්ම වන්දනාවෙ ගිහින් එනකොට දොදොල් පට්ටයක්, මස්කට් බෑයක්, රුලං රෝලක්, අපට වරදිනෑ ඉතින්.
අත්තම්ම නැතිවෙලා දැන් අවුරුදු හයක් විතර.
අපිට ගොඩක් ආදරෙන් හිටිය අත්තම්මව තාමත් වීල්ට මතක් වෙනව.වීල් පලවෙනි පාරට කෙනෙක් නැතිවුනාම ඇඩුවෙ ඒ අත්තම්මගෙ මල ගේ දවසෙ.
වීල්ගෙ ජීවිතේදි දැකපු ගොඩක් සතුටින් හිටිය මිනිසුන්ගෙන් එකම කෙනා අත්තම්ම.අද මිනිස්සු තමන්ට ගොඩක් දේවල් තිබිලත් හරිම අසතුටින් ඉන්නෙ.
අත්තම්මට මොකුත් නැතුවත් එයා සතුටින් හිටිය .
අත්තම්ම කොහොමද හිනාවෙලා හිටියෙ කියල වීලුට හිතා ගන්න බෑ
සමහර දවස්වල එයා නැටුව අපිට පේන්න.
අත්තම්ම දුක් උනා නම් දුක් උනේ ඒ වීල් හන්ද විතරයි.
අත්තම්ම ගැන හිතේ තියන දේවල් අකුරු කරගන්න තරම් හැකියාවක් වීල්ට නෑ .ඒත් අත්තම්ම ගැන වීල් මේ ටික කියන්නම ඕනෙ.
අත්තම්මේ උඹට නිවන් සුව ලැබේවා...........!
නිවන් දකින තෙක් උඹ මගේම අත්තම්ම වේවා..........!

Tuesday, December 2, 2014

වස්සානය


ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වගේම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අත ගගා නැමිලා දියට
දිය කෙළින හැටි පුංචි මාළුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුළන් දා ඔය කිම්ද මල් වරව ඉල් මහට?

සෙනේහය පිරී ගිය ඔබෙ නයන නිල් පොකුණු
දිය නිලන වැසි සමේ රැළි නගා උතුරාය
තඹර පෙති අතර හෙල් මැළි රේනූ වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවෙයි හුණුව ගිය ලේ ගිය නහර

දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිළිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා අණුහුමට හිරු එළිය
මිහිරි වම් කිරි වගේ පොවන්නෙමි නුඹලාට

රමණීය වන ගැබෙහි මොනරුනට පිලි වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැසි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළ්වට
කුරුල්ලෝ ඉගිල්ලි වරෙන් නුඹ මා ළඟට

වැහි වළාකුළු රංචු කඳු මුදුන් වල ලඟින
දැන් ඒවි තැනි බිමට සීතලයි මගෙ සිතට
වැසි සමේ රෑ ඇ‍ඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතිං මගෙ හෙට දවස මට දෙන්න

‘ගිම්හානයේ ගිලන් වී කෘශව සියුමැලිව
ඇදී ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස’

― රත්න ශ්‍රී විජේසිංහ